Skip to content Skip to footer

Sakyamuni Sambuddha Vihara

A new temple under the association called, Buddhist Vihara Victoria, was established in 1993 at Noble Park in Victoria. The new temple was established with the view of spreading the Dhamma to not only the Sri Lankan community, but also other nationalities. 

Venerable Soma Thera established the first Sri Lankan Buddhist Temple, called the Melbourne Sri Lankan Buddhist Vihara was established in Regent Street, Springvale in 1989. In 1993, Buddhist Vihara Victoria was incorporated and a new Vihara was established at 21 Rich Street, Noble Park. 

Due to space constraints at these temple premises to accommodate a large number of people, Soma Thera purchased a 5-acre property in Berwick with the help of the community to construct a larger temple. 

As mentioned before, due to space constraints that prevented catering to large numbers, Buddhist Vihara Victoria moved to Berwick. This temple was named Sakyamuni Sambuddha Vihara. Soma Thera intended this establishment to become an International Centre for Buddhist Education and Research, so that scholars as well as others interested in learning more about the teachings of the Buddha could study and practice the Dhamma. 

While the architectural plans were being drawn, about 800 trees were planted as an initial activity.

ගරු සෝම හිමියනි,

ඔබවහන්සේ එදා ඕස්ට්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නෝබල්පාර්ක් විහාරස්ථානයේ වැඩවිසූ කල ශ්‍රී ලාංකික සහ විදේශීය බොදු බැති සියළුම ජනයාට එක්රොක්ව ධර්ම සාකච්ඡා සහ භාවනා කිරීමේ පහසුකම් සහිත ඉඩකඩ වැඩි ස්ථානයක් ගැන විමසිලිමත්ව සිටියදී බෙරික් නගරයේ පිහිටි භූමි භාගය මිලදී ගැනීමට හැකිවීම ගැන බොහෝමත්ම සතුටු වූයේ එහි නිර්මාණාත්මක සැලසුමක්ද සිත්තුල සිතුවමක්සේ මවාගනිමින්ය.

ඔබවහන්සේගේ මනසින් දුටු සාක්‍යමුණි සම්බුද්ධ විහාරයේ සම්පූර්ණ සැලැස්මේ පිටපතක් ගෘහනිර්මාණ ශිල්පී, පොලී වීරක්කොඩි මහතා ලවා සිතුවම් කරගනු ලැබුවේය. ඔබවහන්සේ එදා මනසින් දුටු ඒ සිතුවම අද මලඵලගැන්වී ඉතා මනරම් විහාරස්ථානයක් බවට පත්ව ඇත.

“සාක්‍යමුණි සම්බුද්ධ විහාරය“ යැයි විහාරස්ථානය නම් කලේද ඔබමයි ගරු සෝම හිමියනේ……ඔබවහන්සේගේ 20වෙනි ගුණානුස්මරණ පූජෝත්සවය යෙදී තිබෙන 2023 දෙසැම්බර් 12වෙනිදා වනවිට පහත සඳහන් අංගයන් ඒ සැලැස්මට අනුව සම්පූර්ණ වී ඇත්තේය.

1.චෛත්‍යය රාජයාණන්වහන්සේසූවිසිමුණිසෑයලෙසින් නම්කොට ඔබවහන්සේගේ ඒ සැලැස්මට අනුව ඉදිවිය. එය විවෘත කරනලද දිනයේ සාක්‍යමුණි සම්බුද්ධ විහාර මුහුණු පොතේ මෙසේ සඳහන් කොට තිබුණි.

 

“…..සෝමහිමියනී, ඔබවහන්සේ  ගොඩනැගූ මේ පින් බිමේ අභිනවයෙන් ඉදි වුන සූවිසි මුණි සෑයේ කොත ඊයේ දිනයේ අතිඋත්කර්ශවත් ලෙසින් පැළඳූනේ දහසක් සාධුකාර, පිරිත් සජ්ජායනා, මගුල් බෙර, මල්වරුසා සිරි පොද වරුසා, දේදුනු රශ්මිමාලා, ගීතමය උපහාර මැද්දේය. නමුත් එක සුසුමක් අප කාගෙත් හදවත් බර කලේය. මේ අසිරිය දකින්නට මඬිහේ මහානාහිමිත්, ඔබවහන්සේත් අප සමග සිටියානම්!!!!!! නමුත් ඔබවහන්සේලාගේ බැල්ම/ආශිර්වාදය අප කෙරෙහි තවමත් යොමු වී තිබේ යැයි අපට සහතික කෙරෙන සිදුවීම් කිහිපයක් අප මේ පින්කම් මාලාව පුරාම අත් දුටුවා“.

2. එදා ඔබවහන්සේ ඕස්ට්‍රේලියාවේ පළමු බෞද්ධ විනයකර්ම සීමාව ස්ථාපිත කරවීමෙන් පසු අද අලංකාරවත් සීමාමාලකයක් ලෙස අවසන්ව ඇත.

3.එදා මඩවගුරක්ව පැවතුන භූමිභාගයේ ඔබවහන්සේ විහාරස්ථානයට පැමිනෙන පින්වතුන්හට රථ නැවත්වීම සඳහා ස්ථානයක් පවා ඔබවහන්සේගේ ඒ සැලැස්මට අන්තර්ගත කොට තිබුනි. එය අද එම අයුරින්ම සකස්වී ඇත

  1. ඔබවහන්සේගේ සැලැස්මේ පෙන්වා ඇති බහුකාර්‍ය මධ්‍යස්ථානය, සේවා ස්ථානය සහ භාවනා මධ්‍යස්ථානය යන සියල්ල එක්ව එකම ගොඩනැගිල්ලක මනාව ඉදිකර ඇත.එසේ සිදුකිරීමට අවශ්‍යවූයේ ඔබවහන්සේ එදා සිසුන් 25කින් පමණ ආරම්භ කරන ලද දහම් පාසැල අද සිසුන් 500ක් පමණ අධ්‍යාපනය හදාරන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබීමයි.

මෙම ගොඩනැගිල්ල පන්ති කාමර 17කින්ද, ගුරු කාමරයක්, දෙමාපිය රැස්වීම් කාමරයක්, පුස්තකාලයක්, සිසුන් අසනීප වුවහොත් විවේක ගැනීම සඳහා කාමරයක්, නානකාමර, වැවිකිළි, විදුලි සෝපානයක් යන සියලු පහසුකම් වලින් සමන්විතව ඉදි කර ඇත.එය අවශ්‍යපරිදි භාවනා මධ්‍යස්ථානයක් ලෙස ඉතා පහසුවෙන් භාවිතා කල හැකි අයුරින් ඒ සඳහා අදාල පහසුකම්ද එය ඉදිකිරීමේදී සැලකිල්ලට ගෙන ඇත.

 

මෙම ගොඩනැගිල්ල ඔබවහන්සේට උපහාර පිණිස, ඔබවහන්සේගේ 18වෙනි ගුණ සමුරු පින්කමට සමගාමීව 2021 දෙසැම්බර් මස 12වෙනි දිනම විවෘත කිරීම කෘතවේදී බැතිමතුන්ගේ ඉමහත් සතුටට කරුනක් විය. එම සමරු පලකය විවෘත කලේ මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සාල් වරයා විසිනි.

මේවා දැකබලා ගැනීමට ඔබවහන්සේ අප අතර නොමැති වීම ඉතාමත් සංවේදී කරුනක් වූවත් ඔබවහන්සේගේ සිත්තුල ඇතිවූ ඒ සිහිනය සැබෑවක් වීමම යම්කිසි අස්වැසිල්ලක් යැයි හැඟේ. 

 

ඕස්ට්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙරික් නගරයේ පිහිටි සාක්‍යමුණි සම්බුද්ධ විහාර නිර්මාතෘ අතිපූජ්‍ය ගංගොඩවිලසෝමස්වාමීන්වහන්ස,………… ඔබවහන්සේගේ ශ්‍රී නාමය සාක්‍යමුණියේ නොනිමෙනා මිණිපහනක්මැයි……….කිසිදා නොමැකෙන…නොමියෙන සදාඅමරණීයමැයි……………එනමුදු අප අද දොහොත් මුදුන්දී සාදුකාර දෙන්නෙමු පතමින් බුදුබවම ඔබවහන්සේහට!!!