Skip to content Skip to footer

Somisisi Kirana

Somisisi Kirana Youtube is a collection of speeches given by number of Venerable Monks who associated Gangodawila Soma Thera in Sri Lanka and Australia. Please listen to the video to see how much we all miss the great monk.

නොයන්න මතු කළ ඉක්මන් එ ගමන් අපට යි පාඩුව හිමි සඳුනේ !

ශ්‍රී ලංකාද්වීපයට ශාසනික, ජාතික වශයෙන් මහානීය මෙහෙවක් සිදු කරන ලද කීර්තිශේෂභාවෝපගත අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ කාරක සංඝසභිකධුරීනව වැඩ සිටි, බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසල් අධ්‍යක්ෂක, ඕස්ට්‍රේලියාවේ බෙරික් ශාක්‍යමුණි විහාරයේ නිර්මාතෘවර, ශ්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර අනුවිජ්ජක අතිගෞරවාර්හ ගංගොඩවිල සෝම මාහිමිපාණන් වහන්සේ ජන්මලාභය ලද්දේ වර්ෂ 1948 අද වැනි දිනෙක හෙවත් අප්‍රේල් මස 24 වැනි දිනකය. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණයෙන් නිවී සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු.

මිස ගනඳුරු හැර
නැණ මඟ දොර ඇර
ඔබ කළ මෙහෙවර
අමර මැ වේ
කහවත එළි කළ
ගුරු දෙවි මඟ ගිය
අබිරු කෙසර සර
වූ වදනේ
සිය සුවයක් ගැන
කිසි තැකුමක් නැති
පරහිත ගමනෙක
පිය තැබුණේ
නොයන්න මතු කළ
ඉක්මන් එ ගමන්
අපට යි පාඩුව
හිමි සඳුනේ

පබැඳුම – අතිගෞරවාර්හ තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ